විශේෂ මහාධිකරණ නිසා "ගෝඨා" පාර්ශවය නොසන්සුන්?



කඩිනමින් නඩු අසා දඬුවම් දීම සදහා පිහිටුවන ලද විශේෂ මහාධිකරණ සක්‍රීය කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය පාර්ශවය දැඩි  නොසන්සුන්තාවකට  ඇති බව වාර්තා වෙයි.

ඒ අදාළ විශේෂ අධිකරණයේ පළමු නඩුව ගෝඨාභයට එරෙහිව විභාගවීමට නියමිත බවට ලැබී ඇති ආරංචියක් නිසාය.

ඒ හේතුව නිසාම මේ වන විට ගෝඨාභය රාජපක්ෂ වෙත චෝදනා ඉදිරිපත්වී ඇති සිදුවීම් ගණනාවක නඩු ලිපිගොනු විශේෂ නීතීඥ කණ්ඩායමක් වෙත යොමුකර විශේෂ නීති උපදෙස් ගැනීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

එසේම මෙම විශේෂ මහාධිකරණ සම්බන්ධව ජනතාව වෙත අප්‍රසාදයක් ඇති වන ආකාරයට පුවත් නිර්මාණය කිරීමටත් එහිදී දුෂණ අක්‍රමිකතා සහ  අපරාධ වලට සම්බන්ධව විස්තර දැක්වීම් වෙනුවට  රාජපක්ෂලාට එරෙහි දේශපාලන පළිගැනීම් ලෙස වාර්තා කරන ලෙසට උපදෙස් දී ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර රාජපක්ෂ පවුලට චෝදනා එල්ලවන මුලික නඩු 10ක් කඩිනමින් විභාගකර අවසන් කිරීමට නියමිත බවට නීති අංශයේ ආයතනයක් හරහා දැනගන්නට ලැබී ඇති බැවින් ඒ සෑම නඩු වාරයක් සඳහාම සියයක් පමණ පාක්ෂිකයන් සහභාගී කරවීමට පොදුජන පෙරමුණේ සංවිධායකයින් වෙත දන්වා ඇති බවද වාර්තා වෙයි.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ නඩු විභාගවන අවස්ථා වලදී අධිකරණය අසලට ආබාධිත හමුදා සාමාජිකයන් කැඳවා මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට සූදානමක් පවතින බවද දැනගන්නට ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment