සිළුමිණ-රැස ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන්ගේ අවසන් කටයුතු හෙට.
‘සිළුමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මෙන්ම ‘රැස’ පුවත්පතේ ආරම්භයේ සිටම ප්‍රධාන කර්තෘ වූ ප්‍රවීණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර මහතා දේහය පිළිබඳ අවසන් කටයතු හෙට (4) සවස 5ට මතුගම ඉදිගොඩතැන්න පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ. මතුගම කන්නන්ගර මැදි මහ විදුහලෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ගෞරව උපාධිධරයකු මෙන්ම දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයකු ද වෙයි.
දශක දෙකකටත් අධික කාලයක් මාධ්‍ය මෙහෙවරේ නියැලුනු චාමර ලක්ෂාන් මහතා ලක්බිම, ඉරුදින, රිවිර පුවත්පත්වලට සම්බන්ධව සිය මාධ්‍ය හැකියාවන් ප්‍රදර්ශනය කර ලේක්හවුස් ආයතනය හා එක්වූයේ දිනමිණ පුවත්පතට සම්බන්ධ වෙමිනි.
ඉතා සුළු කාලපරිච්ඡේදයක දී ඔහු ‘රැස’ නමින් ආයතනය අලුතෙන් බිහි කළ දිනපතා පුවත්පතේ කර්තෘ ධුරයට පත්විය. එම ධුරය දරණ අතරම මෑතක දී චාමර ලක්ෂාන් මහතා ආයතනයේ සුවිශේෂී සති අග පුවත්පත වූ ‘සිළුමිණ’ පත්‍රයේ ප්‍රධාන කතුවරයා බවට පත්වෙමින් පාඨක ප්‍රසාදය දිනා ගන්නා තැනකට පුවත්පත ඔසවා තැබීමට සමත්විය.
බිරිය දිලූපාගේ දයාබර සැමියා වූ චාමර ලක්ෂාන් මහතා පුත් දිනුගගේ සෙනෙහබර පියා ය. මියයනවිට ඔහු තිස් නව වන වියේ පසුවිය.
චාමර ලක්ෂාන් කුමාර මහතාගේ අවමංගලෝත්සවය හෙට 4 වැනිදා සවස5ට. මතුගම මතුගම ඉදිගොඩතැන්න පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.
අවමඟුල් පෙරහර සවස 4ට අංක 5, ඇතුළත්මුදලිගම මතුගමනිවසින් පිටත්වේ.
0 comments :
Post a Comment