විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි.



ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබේ. 

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැඟිය යුතු බවට පසුගියදා ඇය කළ ප්‍රකාශයක් සමඟ මහත් ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත විය. ඇයට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවට විවිධ පාර්ශ්ව වලින් ඉල්ලීම් ඉදිරිපත් විණි.

ඒ අනුව අදාළ ප්‍රකාශය පිළිබඳව විමසීම සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇයව ඊයේ (04) අරලියගහ මන්දිරයට කැඳවා තිබුණු අතර එහිදී ඇතිවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙසේ අමාත්‍යවරිය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment