Yahoo බිඳ වැටෙයි.



ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන Yahoo හි විද්‍යුත් තැපැල් පද්ධතිය, ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරුවේ බිඳ වැටීමකට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් Yahoo සිය විද්‍යුත් තැපැල් වේදිකාවට පිවිසීමේ දී නිවේදනය කර සිටිනුයේ සිය තාක්ෂණික කාර්ය මණ්ඩලය මෙම ගැටළුව විසඳීම සඳහා ක්ෂණිකව මැදිහත් වී සිටින බවත්, ඒ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්ය.

මේ අතර Yahoo විසින් පවත්වා ගෙන යනු ලබන ඊමේල් විද්‍යුත් තැපැල් ගිණුම් බිලියන 3 ක ප්‍රමාණයක් 'හැකර්වරුන්ගේ' ග්‍රහණයට ලක්ව ඇති බව පසුගිය වසරේ අග භාගයේ දී අනාවරණය විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment