විජයකලා ඇමතිකමින් ඉල්ලා අස්වේ


ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරි සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය
කර තිබෙයි.

මෙසේ සිදු කර ඇත්තේ විජයකලා මහේස්වරන් රාජ්‍ය අමාත්‍යවරිය ඊයේ රාත්‍රි සිය පක්ෂ නායකයා වන අග‍්‍රාමාත්‍ය රනිල් හමුවූ අවස්ථාවේ අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍යවරියට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කරන ලද ඉල්ලීමක් මත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
 පසුගියදා යාපනයේදි පැවැති උත්සවයකදී කොටි ත‍්‍රස්ථ සංවිධානය යළි හිස එසවිය යුතු බවට කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයත් සමග ඇයට එරෙහි සමාජ ප්‍රතිරෝධයන් මතුවිය.
 ඇය කළ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිවූ අතර ඇමතිනියක ලෙස එවන් ප්‍රකාශයක් කිරීමට ඇයට අවසරයක් තිබුනේ නැත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment