කොළඹින් රාජපක්‍ෂ පවුල් පාලනයට විරෝධයක්.



පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් කොළඹ නගර සභාවේ දෙවැනි තැනට පත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) එහි විපක්‍ෂ නායක ධුරය අහිමි වීමේ තත්වයක් ඇතිව තිබේ.

විපක්‍ෂ නායක ධුරය සන්ධානයට ලබාදීම සඳහා කොළඹ මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 08 දෙනෙකු පමණ කණ්ඩායමක් මේවනවිට එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම සමගින් සාකච්ජා ආරම්භ කර ඇත.

පෙර පැවති පවුල් පාලනයම යළි එන්නේ නම් තමන් නොඉවසන බවත් රාජපක්‍ෂ පවුලේ මස්සිනා කෙනෙකුට විපක්‍ෂ නායක ධුරය ලබා දීමට එකග විය නොහැකි බවත් 'පොහොට්ටු' පක්ෂයේ මන්ත්‍රීවරුන් 08 දෙනා සන්ධාන කණ්ඩායම සමග පවසා ඇතැයිද වාර්තා වෙයි.

කොළඹ මහ නගර සභාවේ විපක්‍ෂ නායක ධුරය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත් කිරීමට තීරණය කර ඇත්තේ වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා වන අතර ඔහුගේ දියණිය විවාහ වී සිටින්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ නැගනියගේ පුත්‍රයා සමගය.

(මුලාශ්‍රය - ලංකා සී නිව්ස්)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment