ලක්බිම නිවුස් පේපර්ස් වහලා? : තිලංගගෙන් මාධ්‍යවේදීන්ට තර්ජන.



මෙතෙක් කල් “ලක්බිම” පුවත්පත ප්‍රකාශයට පත් කළ සීමාසහිත ලක්බිම නිවුස් පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම වසා දැමීමට මේවන විට කටයුතු කර ඇති බවත්, ඒ සඳහා වෙනත් සමාගමක් එහි පාලන බලය ලබා ගැනීමට සූදානම්වන බවත් එම පුවත්පත් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ පියා වන යූ.ඩබ්ලිව්. සුමතිපාල මහතා විසින් ආරම්භ කරන ලද සුමති පුවත් පත් සමාගම විසින් ලක්බිම මුලින්ම ප්‍රකාශයට පත් කළ අතර පසුව එය සීමාසහිත ලක්බිම නිවුස් පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම ලෙස නම වෙනස් කර තිබිණි.

පසුගිය කාලයේ සීමාසහිත ලක්බිම නිවුස් පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ ප්‍රධානම අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලංග මහතාගේ සොයුරු ජගත් සුමතිපාල මහතා සමාගමේ සේවකයන් වෙනුවෙන් හා එහි යන්ත්‍රසූත්‍ර වෙනුවෙන් ගෙවීමට ඇති ණය මුදල් ගෙවා ඉන් ඉවත්වීම නව සමාගමක් ඇතිවීමට හේතුව බව පැවසේ.

දැනට ලක්බිම පුවත්පත් ආයතනය පිහිටා ඇති කොළඹ 14. සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ගොඩනැගිල්ලේ හිමිකරු වන්නේ ජගත් සුමතිපාල මහතා වන අතර ඔහු අදාළ ගොඩනැගිල්ල ද ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලක්බිම පුවත්පත පුංචිබොරැල්ල ප්‍රදේශයෙන් කුලියටගත් සිවුමහල් ගොඩනැගිල්ලකට රැගෙනයාමේ සූදානමක් ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලක්බිමට හිමිකරුවෙක් නෑ

මේ තත්ත්වය හේතුවෙන් සීමාසහිත ලක්බිම නිවුස් පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමට හිමිකරුවකු නොමැති තත්ත්වයක් ඇතිව ඇති බවද පැවසේ.

පාර්ලිමෙන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට සීමාසහිත ලක්බිම නිවුස් පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ අයිතියක් නොවන බව ඔහු ප්‍රසිද්ධියේ පවසා තිබිණි.

කෙසේවුවද, පසුගිය අඟහරුවාදා සවස එහි පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ලක්බිම ඉරිදා හා දිනපතා මාධ්‍යවේදීන් එහි පහලමාලයක කැඳවා නව සමාගමේ පත්වීම් ලිපි ලබා ගන්නානා ලෙස තර්ජනය කළ බවද විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් වාර්තා වේ.

සීමාසහිත ලක්බිම නිවුස් පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ සේවය කළ ඔවුන් කිසිදු වන්දියක් නොලබා නව සමාගමක පත්වීම් ලබා ගැනීමට මේවන විට මැලිව සිටින බවද පැවසේ.

එසේම ඔවුන් අදාළ නව සමාගමේ පත්වීම් ලබා ගැනීමට එම සමාගම වසර 5ක රැකියා සුක්ෂිතතාවක් ලබාදියයුතු බවට ඉල්ලීම් කර ඇති බවද මේ අතර වාර්තා වේ.

(SLM)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment