ලෙනක සිරවූ තායිලන්ත දරුවන් බේරාගැනීමට මාස ගණනක් ගතවන ලකුණු

https://www.gossiplankanews.com/2018/07/thailand-cave.html#more
මේ වනවිට ලෝකයේම අවධානය දිනාගෙන ඇති සංසිද්ධියක් බවට පත්ව ඇත්තේ තායිලන්තයේ ලෙනක් තුළ සිර වී සිටින පාපන්දු කණ්ඩායමක ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු එයින් පිටතට ගැනීමේ මෙහෙයුමයි.
තායිලන්තයේ සුප්‍රකට පතායා වෙරළ ප්‍රදේශයට යාබද ‘තැම් ලාන්ග් නැන් නොං ‘නමැති ලෙන තුළට පසුගිය 23 වනදා මෙම පිරිස ඇතුළුවී සිටියදී අධික ගංවතුර තත්වයක් ඇතිවී
තිබුණි. එයින් ලෙනෙහි පිවිසුම් හා පිටවන ස්ථාන රැසක් නායගොස් තිබීම නිසා අවහිරවිය.
ඔවුන් අතුරුදන් බවට දෙමාපියන් කළ පැමිණිලි ඔස්සේ ඔවුන් අතිශය දුෂ්කර ස්ථානයක සිරවී සිටින බවට පොලිසියට හෝඩුවාවන් ලැබිණි. ඔවුන්ගේ බයිසිකල්ද සපත්තුද අඩිපාරවල්ද සාක්ෂි ලෙස මතු විය.කෙසේ

වෙතත් ඔවුන් සිරවී සිටන තැනට ළගාවන්නට කිසිම තැනකින් බැරි බව පසුව අවබෝධ විය.

දරුවන් බේරාගන්නට දිනගණනාවක් තිස්සේ අපහසුවූ බවට ප්‍රචාරය යද්දී මේවෙනුවෙන්ම බ්‍රිතාන්‍යය,ඕස්ට්‍රෙිලියාව ඇතුළු රටවල් ගණනාවකින් කිමිදුම් කරුවන්ද යෙදැවිණි.

 කිමිදුම්කරුවන් දෙදෙනෙකු පැය 6 ක් තිස්සේ උමං මාර්ගවල සිදුරු ඔස්සේ කිමිදී ඔවුන් සිටින තැනට ළඟාවන්නට සමත් වූ අතර දින 9 ක් තිස්සේ නිරාහාරව සිටි ඔවුන්ට කෑම ටිකක් හා ඖෂධ ලබාදෙන්නට ඔවුනට හැකිවිය.

කිමිදුම් කරුවන් ගිය මාර්ගයේ නැවත ඔවුන් එක් අයෙකු හෝ කැදවා එන්නට බැරි තත්වයක් පෙන්නුම් කළේ එය අතිශය දුෂ්කර තැනක පිහිටි නිසාය. එසේ ගිය කිමිදුම් කරුවන්ට ගමන් ආරම්භ කළ තැනට එන්නට පැය 5 ක් ගතවී තිබුණි. 13 දෙනා සුවයෙන් සිටින බව එම අවස්ථාවේ වීඩියෝගත කරන්නට කිමිදුම් කරුවන්ට හැකිවූ අතර දරුවන්ට වූ අන්තරාය නිසා විස්සෝපයට පත්ව සිටින දෙමාපියන්ට එය කදිම අස්වැසිල්ලක් විය.

මෙම දරුවන් වැඩි දෙනෙකුට පිහිනීම හෝ කිමිදීම කළ නොහැකිවීමත් දුෂ්කර මාර්ගය තුළ ගමන අපහසුවීමත් ගංවතුර එන්න එන්නම වැඩිවීමත් නිසා බේරාගැනීම් මෙහෙයුම තවම සංකීර්ණ මට්ටමක පවතී.
ඔවුන් අමාරුවෙන් කිමිදීම් කරන්නට හෝ ගංවතුර බැසයාමෙන් පසු සිදුරු ඔස්සේ රිංගා ඒමෙන් පමණක් මෙම බේරාගැනීම සිදු කළ හැකි බව විශේෂඥයින් පෙන්වා දී තිබේ.ඇතැමුන් පවසන්නේ දරුවන් බේරාගන්නට තවත් මාසයක සිට මාස 4 ක පමණ කාලයක් ගතවනු ඇති බවකි.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment