ගුවන් විදුලියට - රාජකීය විදුහලට ඔප්පු නෑ.



ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතන 12,000කට අධික සංඛ්‍යාවකට මේවන තෙක් ඉඩම් හිමිකම්පත් (ඔප්පු) නොමැති බව අණාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ එම රාජ්‍ය ආයතන විසින් නිල හිමිකම්පත් ලබාදෙන්නැයි ඉඩම් අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීම් මගිනි.

මෙසේ ඉඩම් හිමිකම් නොමැති ස්ථාන අතර පොලිස් ස්ථාන, රෝහල්, පාසල්, මෙන්ම දෙපාර්තමේන්තු රාජ්‍ය ආයතන ඇති බවද පැවසේ.

රාජ්‍ය ආයතනවලට හිමිකම්පත් ලබාදීමට ඉඩම් අමාත්‍යංශය කටයුතු යෙදීමත් සමඟම එම අමාත්‍යංශය යටතේ පවතින පැරණිම දෙපාර්තමේන්තුව වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවට වැඩ වැඩිවී ඇති බව ද වාර්තා වේ.

මේ වැඩපිළිවෙල යටතේ වසර 37ක කාලයක් හිමිකම්පතක් නොමැතිව තිබූ පාර්ලිමේන්තුවට හිමිකම්පතක් ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment