වසර 67 කට පසු දෙහිවල විළියම් මෝල වසා දමයි


ලංකාවේ අඛණ්ඩව ගොඩනැගුණ පැරණිතම ව්‍යාපාර වලින් එකක් වූ දෙහිවල කළුබෝවිලට හැරෙන තුමංහන්දියේ පිහිටි විළියම් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය පසුගිය ජුනි 21 වනදා සිට මුළුමනින්ම වසා දමන්නට එහි පාලන අධිකාරිය තීරණය කර තිබේ.
ඒ බව සදහන් දැන්වීමක් එහි අගුළු දැමූ දොරෙහි අලවා තිබෙනුද මේ වනවිට දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර තුනකින්

1951 ඇරඹි මෙම මෝල මගින් එවක සිට මේ දක්වා හාල්, සීනි, මිරිස් විවිධ තුනපහ වර්ග ආයුර්වේද බෙහෙත් කුඩු කර අලෙවිය සදහා තැබුණ අතර මෝල වෙත පැමිණ විවිධ ඇඹරුම් යන්ත්‍ර අවශ්‍යතා ඉටුකරගත් පාරිභෝගිකයින්ද පරම්පරා ගණනකි.
මේ වනවිට ගෘහස්ථව පවතින ඇඹරුම් යන්ත්‍ර තාක්ෂණය හා තරගකාරී වෙළෙදපොල තුළ තවදුරටත් මෙම ව්‍යාපාරයට පැවැත්මක් නොතැබීම නිසා එහි සේවාව ලබමින් සිටි පිරිස අල්ප විය.
මෙම මෝලේ පිහිටුම දශක ගණනාවක් නොවෙනස්ව පැවතිම නිසාම එය පිහිටා ඇති ස්ථානය ‘විළියම් හංදිය‘ නම් කරන්නටද මහජනතාව පුරුදුවී තිබුණි. මින් පසු විළියම් හන්දියේ විළියම් මෝලක් නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment