ලංගමට අලුතින් විදුලි හා හයිබ්‍රිඩ් බස් 1000 ක්


ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පරිසර හිතකාමී මගී ප්‍රවාහන බස් රථ 1000ක් මිලදි ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාතංශය පියවර ගෙන තිබේ. විදුලි බලයෙන් දිවෙන 250ක් හා දෙමුහුන් වර්ගයේ බස්රථ
750ක් මෙසේ ලබාගැනීමට නියමිතය.

දෛනික මගී ප්‍රවාහන කටයුතු සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් බස්රථ 7,257ක් යෙදවිය යුතු වුවත් මේ වන විට එය සතුව ඇත්තේ බස්රථ 6 540ක් පමණක් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. නියමිත ආයු කාලය අවසන්වීම, බරපතළ අනතුරුවලට ලක්වීම හේතුවෙන් ධාවනයෙන් ඉවත් කරන බස්රථ වෙනුවට ලංගමය වෙත වාර්ෂිකව නව බස්රථ 500ක් පමණි ලබාගත යුතු බව හදුනාගෙන ඇතැයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසිය.
හංගේරියානු රඡයේ සහ එහි අපනයන ආනයන බැංකුවේ සහය ඇතිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත මෙම බස් රථ 1000 මිලදී ගැනීම සඳහා එරට ෂෙපල් හෝල්ඩ්ං සමාගම් සමග එකඟතාවකට එළඹීමට ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යොජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබේ.

(ඩයනා උදයංගනී)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment