'වසර 3යි, උදාගම් 1000යි : මහ රජෝ වැඩ කෝ' - සජිත්



යහපාලන රජයට වසර තුනක් තුළ උදා ගම්මාන 1,000 ක වැඩ ආරම්භ කිරීමට හැකියාව ඇත්නම්, රටට අපමණ ආදරේ යැයි පවසන හිටපු මහරාජාණන්ට බලයේ සිටි වසර 10 තුළ උදා ගම්මාන 1,000 ක් ආරම්භ කිරීමට නොහැකි වූයේ මන්දැයි තමන් ප්‍රශ්න කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව, වැදිවැව ප්‍රදේශයේ ඉදිවන “සහස්රාගම” උදා ගම්මානයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (12) දින සහභාගී වෙමිණි.

 ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවන 1,000 වන ආදර්ශ ගම්මානය මෙයයි.  

පසුගිය පාලන සමයේ මෙරට ඉඩම් වෙන්කර තිබුණේ රජ පවුලට බෙදා ගැනීමට බවත්, අද රජ පවුල රජ වනවා වෙනුවට උදා ගම්මාන වැඩසටහන හරහා ගමේ පොඩි මිනිසා රජ කරවා සියලු ප්‍රතිලාභ ඔවුන්ට ලබා දෙන බවත් එහිදී  අමාත්‍යවරයා සඳහන් තළේය.

දේශාභිමානය, දේශාලය පිළිබඳව අද කතා කරන විරුද්ධවාදීන් පසුගිය කාලයේ බලය ඇති විට සංවර්ධන හැන්දෙන් බෙදුවේ තම පවුලට, තම ඥාතීන්ට සහ තම ගෝල බාලයන්ට පමණක් බවද අමාත්‍යවරයා පැවැසීය.

උදා ගම්මාන 2,500 අවසන් වූ පසුව උදා ගම්මාන 5,000 සහ 10,000 වැඩසටහන් ආරම්භ කර ඒ හරහා මෙරටේ පොඩි මිනිසාගේ සැමට සෙවණ පිපාසය සංසිදුවන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

නිවාස 25 කින් සමන්විත සහස්රාගම උදා ගම්මානයට මුල්ගල තබමින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 106 කට රුපියල් ලක්ෂ 106 ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment