ගුවන් යානයක් සොරකම් කර කරනම් ගසා දිවිනසාගත් බීබෝ


සියදිවිනසාගැනීමට උවමනාවූ පුද්ගලයෙකු තමන් සේවය කරන ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සොරකම් කරගෙන එය අහසේ ඒ මේ අත කරනම් ගස්සවා අවසානයේ බිමට පතිත කරගෙන දිවිනසාගැනීමේ පුවතක් ඇමරිකාවෙන් වාර්තාවේ.
මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ
රිචඩ් රසල් (බීබෝ) නමැති 29 හැවිරිදි විවාහකයෙකි. වොෂින්ටන් නුවර සම්නර් හි වාසය කළ ඔහු 2012 විවාහ වූවකු වන අතර දරුවන් නොමැත. පාසල් සමයේ සිට මළල ක්‍රීඩා ශූරයෙකු ලෙස දස්කම් දක්වා ඇති ඔහු ඇමරිකාවේ වොෂින්ටන්හි සීටල් ටැකෝ ගුවන් තොටුපළේ සේවය කරන නිලධාරියෙකු විය.


පවුලේ හටගත් අර්බුදකාරී තත්වයක් නිසා ඔහු තමන් දිවිනසාගන්නා බවට ලිපියක් ලියා තබා සිද්ධිය වූ දිනයේ රාජකාරියට වාර්තා කර සිටියදී ගුවන් පථයක පිහිටුවා තිබූ Q400 වර්ගයේ කුඩා මගී ගුවන් යානයක් බලහත් කාරයෙන් පදවාගෙන ගොස් තිබේ. මෙය උඩු ගුවනට නංවා ඉතා අසාමාන්‍ය ලෙස ඒ මේ අත වැනෙමින් ගමන් කර ටික වේලාවක් අහසේ රඳවාගත් පසු එක්වරම දකුණු පජට් දිවයින් සමූහය වෙත කඩා වැටී තිබේ.

අහසේ විශාල දුමක් හා වැටුණ ස්ථානයේ විශාල ගිනි පුළිගු වීඩියෝගතවී තිබේ.අනතුර සිදුවන අවස්ථාවේ යානයේ සිටියේ දිවිනසාගන්නට උත්සාහ කළ අය පමණක් බවත් ඔහු මෙයින් මියගොස් ඇති බවත් සීටල් ටැකෝ බලධාරීන් තහවුරු කර තිබේ.
ඔහුගේ වියෝව අතිශය කම්පිත සිදුවීමක් ලෙස ඥාතීන් දන්වා තිබෙන අතර ඔහු සියදිවිනසාගැනීමට මෙම ක්‍රියාව කරන්නට ඇතිය යන්නද ඔවුන් අනුමාන කර තිබේ.
සිද්ධියට අදාළ දර්ශන සහිත වීඩියෝවක් පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment