අවසානයේ 35 ට අඩු අයට ත්‍රීවිල් බැරි නිමල්ගේ යෝජනාව මෛත්‍රී අකුළාගනී


අවුරුදු 35ට අඩු පුද්ගලයන්ට ත්‍රිරෝද රථ පැදවීම තහනම් කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (21දා) කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
ඉවත දමා තිබේ.  එවැනි නීතියක් ක්‍රියාත්මක වුවහොත් රටේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.  අවුරුදු 35ට අඩු පුද්ගලයන්ට ත්‍රිරෝද රථ පැදවීම තහනම් කිරීමේ අරමුණින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයේ

අනුමැතිය  සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත.

ඊට විරෝධය දක්වමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා සහ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනකු අදහස් දක්වා තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධීපතිවරයා කියා ඇත්තේ මින් ඉදිරීයට මෙවැනි යෝජනා කැබිනට් මණ්ඩලයට ගෙන ඒමේදී රටේ පොදු ජනතාවගේ පැත්තෙන් දැඩි අවධානයක් යොමු කිරීමෙන්  අනතුරුව මෙවැනි යෝජනා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙසය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment