පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ දී - අයකිරීම් 53 ක මිල ස්ථිරයි

පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ දී සිදු කරන බව ‍සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ යටතේ විවිධ අයකිරීම් 53 ක මිල
නියාමනය කිරීමට නියමිතය.
පෞද්ගලික රෝහල් මිල නියාමනය කිරීමේ අවසන් ලේඛණය කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී තිබුනි. ඒ අනුව අවසන් වාර්තාව ඉදිරි දෙදින තුල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදීමට නියමිතය.

 ඉන් පසු එම මිල නියාමනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ඇත.
ශල්‍යකර්ම, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ගාස්තු ඇතුලු විවිධ අයකිරීම් මෙහිදී නියාමනය කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව අදාළ මිල ගණන් හිතුමතයට ඒ ඒ පුද්ගලික රෝහල් වලින් නම් කරන්නට බැරි අතර උපරිම ගාස්තු නියම කෙරේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment