ගම හදන්න කෝටි 8,000ක්!


ගමේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 8,000ක මුදලක් වෙන් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා මෙතරම් මුදලක් වෙන් කළ පළමු අවස්ථාව මෙය වේ.

ගම්පෙරළිය, එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය යටතේ ඇති ග්‍රාමශක්ති වැඩසටහන ද ඉහත ප්‍රතිපාදන මගින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේකෂිතය.

තරුණ තරුණියන්ට රැකියා ආදායම් මාර්ගදීම ඇතුළු ගමේ සංවර්ධනය සඳහා තවත් ප්‍රතිපාදන අවශ්‍ය නම් ඒවා නිදහස් කරන ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment