මංගල්‍යයකට ගිහින් එද්දී ගෙදර හිටිය පරෙවියන් විසිඑක්දෙනා උස්සලා


පරෙවියන් විසිඑක්දෙනකු වෙන්නප්පුව උල්හිටියාවේ හෙලන් මාවතේ නිවසකින් සොරකම් කරගෙන ගොස් වෙනත් නිවෙසක එම පරෙවියන් කූඩු කර සඟවා  සිටි දෙදෙනකු ඉකුදා (11දා)  වෙන්නප්පුව මූලස්ථාන
පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

තලවිල දේවස්ථානයේ මංගල්‍යයට සහභාගිවී නැවත නිවෙසට පැමිණි අවස්ථාවේදී නිවසේ කුඩුවක සිටි පරවියන් කිසියම් අයකු සොරාග ගොස් ඇති බවට නිවෙසේ හිමිකරු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සොරාගත් පරෙවියන් විසිඑක්දෙනා කොලින්ජාඩිය ප්‍රදේශයේ නිවෙසක සගවා තිබෙන බවට සැකකරුවන් පොලිසිය හමුවේ පැවැසීමෙන් අනතුරුව පරෙවියන් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් පරෙවියන් 21 දෙනා රුපියල් 40,000ක මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිටි බවට අනාවරණය වී තිබේ. වෙන්නප්පුව උල්හිටියාවේ පදිංචි 21 හා 28 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.

-ඇම්.ඩී.රවීන්ද්‍ර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment