වවුනියාවේ අම්මායි දරුවයි ළිඳට පැන්නාද? මරලා දැම්මාද?


වුනියාව, කූමාන්කුලම් ප්‍රදේශයේ ගෙවත්තක තිබූ ළිඳකින් මවකගේ සහ සිවු හැවිරිදි බිලිඳකුගේ මළ සිරුරු ඊයේ (15දා) උදෑසන හමුවූ බව වවුනියාව පොලිසිය කියයි. ඊයේ උදෑසන ස්වාමිපුරුෂයා රැකියාව සඳහා
නිවෙසින් බැහැරව

ගොස් ඇති අතර පසුව අසල්වැසි කාන්තාවක් විසින් නිවෙසේ කිසිවකුගේ ශබ්දයක් නෑසුණු හෙයින් පරීක්ෂා කර බැලීමේදී අසල පිහිටි ළිදේ මළ සිරුරු දෙකක් තිබෙනු දැක එම අවස්ථාවේදීම වවුනියාව පොලිසියට ඒ ගැන දැනුම් දී ඇත.  වවුනියාව පොලිසිය අදාළ ස්ථානයට පැමිණ සිදු කරන  ලද පරීක්‍ෂණවලදී හෙළිවී ඇත්තේ එකී නිවෙසේ පදිංචි සිටි 33 හැවිරිදි මයුරන් රාජිනී නමැති මව සහ අවුරුදු 04ක් වයසැති මයුරන් සස්වින් නමැති දරුවා මියගොස් ඇති බවයි.

මියගොස් ඇති අය සියදිවි හානි කොට ගෙන අත්තේද නැතිනම් ඝාතනය කොට ඇත්තේද යන්න සෙවීමට මේ වන විට වවුනියාව පොලිසිය පරීක්ෂණ සිදු කරයි. මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව මහ රෝහලේ තැන්පත් කොට ඇති බව පරීක්ෂණ සිදු කරන වවුනියාව පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

-රසාදි චතුරංග ගමගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment