තරුණියකගේ නාන දර්ශන අන්තර්ජාලයට මුදා හරින බවට කප්පම් ඉල්ලු යුවළ

තරුණියකගේ නාන දර්ශන අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් ඇය බිය වද්දා කප්පම් මුදල් ලබාගත් තරුණයෙකු සහ ඔහුගේ පෙම්වතිය ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය  කියයි.
අම්බලන්ගොඩ - මීටියාගොඩ

ප්‍රදේශයේ පදිංචිව සිටි කප්පම් ලබාදුන් තරුණිය වසර කීපයකට පෙර තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. ඒ සමයේ ඇගේ පෙම්වතා ඇයගේ මෙම දර්ශනය වීඩියෝ ගත කර තිබේ. දෙදෙනා අතර ඇති  වූ මතභේදයක් නිසා පොලිසියේ  සටහන් තබා මොවුන් දෙපළගේ ආදර සම්බන්ධතාව නවත්වා තිබේ.

තරුණයා ඉන් අනතුරුව රැකියාවක් සඳහා විදේශගත වී තිබේ. විදේශගත වූ තරුණයාගෙන් මේ දර්ශන ලබාගත් ඔහුගේ මිතුරකු තම පෙම්වතිය සමඟ එකතුව මේ කප්පම් ලබා ගැනීම සැලසුම් කර ඇත. ඒ අනුව මොවුන් දෙපළ පිඹුරුපත් සකසා දර්ශන අයත් තරුණියට කතා කොට රුපියල් විසිදහසක මුදලක් ලබාදෙන ලෙසත් එසේ නොවුණහොත් මෙම දර්ශන අන්තර්ජාලයට මුදා හරින බවත් පවසා ඇය බිය වද්දා තිබේ. බියට පත් තරුණිය රුපියල් දස දහසක මුදලක් ලබාදීමට එකඟ වී අම්බලන්ගොඩ ප්‍රදේශයේ වාණිජ බැංකුවක මුදල් තැන්පත් කොට තිබේ.

මුදල් තැන්පත් කළ තරුණියගේ තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර තරුණයා සහ ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබේ. කප්පම් මුදල සැකකාර තරුණයාගේ පෙම්වතියගේ මවගේ ගිණුමේ තැන්පත් කොට ඇතැයි පොලිසිය  කියයි. අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-සංජීව මාණිකකුවා වඩු-


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment