යොවුන් නව නිපැයුම්කරුවන් වෙනුවෙන් අරමුදලක්.



යෞවන නව නිපැයුම්කරුවන්ට අතදීමේ අරමුණින් යෞවන නව නිපැයුම් නිර්මාණ අරමුදලක් අරඹන බවත්, එම අරමුදල රුපියල් මිලියන 100කින් ආරම්භ කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ නෙලුම් පොකුණ රඟහල් පරිශ්‍රයේදී ඊයේ (12) පැවැති 2018 ලෝක තරුණ දින සැමරුම් වැඩසටහනට සහභාගි වෙමින්ය.

යෞවන යෞවනියන් විසින් නිර්මාණය කොට තිබූ විවිධ නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක් ද මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැරැඹුවේය.

තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සරත් ද වැලිඅංගේ මහත්වරු ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වී සිටියහ.

මෙහිදී ජනමාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික තරුණ සේවා සභාව මඟින් ගමේ වැඩසටහන් කිරීමට මුදල් ලබා දුන් බවත් වැඩසටහන් 1,500ක් සඳහා එම මුදල් ලබා දුන් බවත් කීවේය.

එමෙන්ම එම වැඩසටහන තව තවත් ශක්තිමත්ව කිරීමටත් කටයුතු කරන බවද ගමේ වැඩකටයුතු සඳහා නායකත්වය දෙමින් ශ්‍රමය ලබා දෙමින් ගම ගොඩනැඟීමට තරුණ අයට එම මුදල් ලබා දෙන බවද අගමැතිවරයා කීවේය.

නව නිර්මාණ කිරීම සඳහා මුදල් නැතිකම බාධාවක් නොවන්නට නව නිර්මාණ අරමුදල ඇරැඹීමට කටයුතු කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment