හිමිනමකගේ උපදෙස් මත මලයාසියාවේ රැකීයා ලබාදෙන අලුත්ම ජාවාරම

මලයාසියාවේ රැකීයා ලබාදෙන බව පවසා 20 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් වංචා කළ බව කියන 62 හැවිරිදි පුද්ගලයකු කොපඤ්ඤවීදිය ප්‍රදේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බව කොපඤ්ඤවිදිය පොලිසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ
හෙට්ටිපොළ පදිංචි 62 හැවිරිදි පුද්ගලයකු බවද

පොලිසිය කියයි.
මලයාසියාවේ ආයතනවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පැමිණිලි 10ක් කොම්පඤ්ඤවීදිය පොලිසියේ ද, තවත් පැමිණිලි 10ක් නාරම්මල පොලිසියේ ද ඇති බව පොලිසිය පවසයි.
මෙම සැකකරු හිමිනමක සමඟ එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා ඔවුන්ගේ මුදල් වංචා කර ඇති බවත් ඇතැමුන්ගෙන් මූලික ගෙවීම වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාලයට ගෙවීමට යැයි පවසමින් රුපියල් 50,000,  100,000 අතර මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි. පිරිසගෙන් මුදල් ලබාගෙන සැගව සිටි මෙම සැකකරුට පැමිණිලිකරුවන් පිරිසක් මුදල් දීමට යැයි පවසා උපක්‍රමශීලීව ඔහුව කොඕපඤ්ඤවීදිය ප්‍රදේශයට ගෙන්වාගෙන පොලිසියට බාරදී තිබුණි.
සැකකරුට මුදල් වංචාව සඳහා ආධාර අනුබල ලබාදුන් බව කියන බලපිටිය විහාරස්ථානයක හිමිනමක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය කියයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment