මාලගමුව ඝාතන සැලැසුම ගැන, බෙවන් පොලිසියෙදි හෙළි කරයි.



ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකුවන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ කණ්ඩායමක් කැළණියේ හිටපු එජාප  සංවිධායකවරයකු වූ බෙවන් පෙරේරා මහතාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඊයේ (16) ප්‍රකාශයක් ලබා ගත්තේය.

පෑලියගොඩ පොලිසිය කළ දැනුම් දීමකට අනුව ඔහු පොලිසිය හමුවේ පෙනි සිටියේය.

මෙම ඝාතන සැලැස්ම පිළිබඳව තොරුතුරු හෙළිවී තිබුණේ වෙනත් අපරාධ සිද්ධියකට මාතරදී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයකුගෙන් ප්‍රශ්න කිරීමේදීය.

මේ සම්බන්ධයෙන් මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්ද වාර්තාවක් ගැනීමට කටයුතු කරගෙන යන බව පළාත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නාවලපිටිය ප්‍රදේශයේ මාලගමුව මහතාට අයිති ඉඩමක් ප්‍රදේශීය දේශපාලඥයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන තිබූ බවත් මේ පිළිබඳව මාලගමුව මහතා දිගින් දිගටම කටයුතු කිරීම නිසා ඔහු ඝාතනය කිරීමට මෙසේ සැලසුම් කර තිබූ බවත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

දැනට හිරේට නියමවී සිටින පාතාල සිරකරුවෙකු මාර්ගයෙන් මෙම ඝාතනය කිරීමට උත්සහ දරා ඇතැයි තොරතුරු හෙළිවී ඇත.

(අද)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment