අත්අඩංගුවට ගත් පාතාල මැරයන් සමග පොලිසියේ දෙදෙනෙකුත්


කිසියම් අපරාධයක් සඳහා පැමිණ කළුතර දකුණ ප‍්‍රදේශයේ හෝටලයක සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පෙරේදා රාත‍්‍රි (20 වැනිදා) අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් සතුව තිබී ඇති ආයුධ තොගයක්ද
සොයා ගෙන ඇත.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පානදුර පොලිසියේ රාජකාරි කරන පොලිස්‌ පරීක්‍ෂකවරයකු සහ කොස්‌තාපල්වරුන්

දෙදෙනකු සිටින බව පොලිසිය පවසයි.

 මෙම කල්ලියට නායකත්වය දී ඇත්තේ තණමල්විල සුද්දා නමැති අපරාධකරුවකු විසින් බවත් එම පුද්ගලයාද මෙම සැකකරුවන් අතර සිටින බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

 කළුතර ප්‍රදේශයේ කිසියම් ආයතනයකින් කොල්ලකෑම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක්‌ පැමිණ සිටින බවට පොලිස්‌ විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක්‌ උපායක්‌ යොදාගෙන මෙම කල්ලිය අත්අඩංගුවට ගෙන තිබිණි.

 මෙම සැකකරුවන් සතුව පිස්‌තෝල දෙකක්‌ පතරොම් තුවක්‌කුවක්‌ ජීව උණ්‌ඩ තොගයක්‌ සහ තවත් ආයුධ කීපයක්‌ තිබී ඇත.

 කල්ලියට නායකත්වය දුන් තණමල්විල සුද්දාට එරෙහිව මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව නඩු ඇති බවද පොලිසිය පවසයි.

 වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සංවිධානාත්මක කණ්‌ඩායම සංවිධානාත්මක අපරාධ ඒකකය වෙත භාරදී ඇත.

 හේමන්ත රන්දුණු - සේපාලි ගුණසිංහ - සිරිසෝම සුසෙව්හේවා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment