කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට, මහින්ද රාජපක්ෂ සිකුරාදා රහස් පොලිසියට.

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන සිකුරාදා (17) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වේ.

ඊට අදාල කැඳවීමේ ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති අතර හිටපු ජනාධිපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මෙසේ කැඳවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඕස්ට්‍රේලියාවේ කැන්බරා වෙත ගොස් කීත් නොයාර් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර එමඟින් රාජපක්ෂ පාලන සමය තුළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම හා පැහැරගැනීම් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් වී ඇතැයි ද වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment