හිටපු ජනපතිගේ සොහොයුරු චන්ද්‍රා රාජපක්‍ෂ අභාවප‍්‍රාප්තවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙකු වූ
චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා ඊයේ (21 දා) දහවල් තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත විය. ටියුඩර් චන්ද්‍රා රාජපක්ෂ මහතා ඞී. ඒ. රාජපක්ෂ මහතාගේ හා එම මැතිනියගේ සිව්වැනි දරුවා විය.


 එක්දරු පියෙකු වන චන්ද්‍රා රාජපක්ෂ මහතා කාලයක සිට රෝගාතුරව සිට ඇති අතර පෙරේදා (20 දා) සවස තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ දහවල් 12.45 ට පමණ හෙතෙම රෝහලේ දී අභාවප‍්‍රාප්ත විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment