කැබිනට් පත්‍රිකාව ගැන ජනපති ලණුවක් දුන්නා කියා දුම්රිය සමිති නැවත වර්ජන සූදානමක


දුම්රිය රියැදුරු නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුව අනුව
එම කැබිනට් පත්‍රිකාව

ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොලැබීම නිසා නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද (15) පෙරවරුවේ දුම්රිය වෘත්තීය සමිති රැස්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ එකමුතුවේ  සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවැසීය

වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව දුම්රිය වෘත්තීය සමිති පෙරේදා මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමග පෙරේදා සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා පොරොන්දු වුවද තමාට එය කළ නොහැකි යැයිද එහිදී මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළ බවත් ආරියරත්න මහතා පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment