හිටපු ඉන්දීය අගමැති අටල් බිහාරි වාජ්පායි අභාවප්‍රාප්ත වේ


ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන අටල් බිහාරි වාජ්පායි ඊයේ(16) අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.ෙ
එම මහතා මිය යන විට 93වැනි වියේ පසුවිය‍

වියපත්භාවය

හේතුවෙන් හටගත් රෝගී තත්වයකට නව දිල්ලියේ පිහිටි ALLMS රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම මහතා අභාවප්‍රාප්ත වී ඇත
ඉන්දියාවේ දැනට පාලන බලය හොබවන හින්දු ජාතිකවාදී ජනතා පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වන අටල් බිහාරි වාජ්පායි තෙවරක් ඉන්දියාවේ අගමැති ධූරය හොබවා ඇත.
ඉන්දියානු දේශපාලන ඉතිහාසයේ දැවැන්තයෙකු ලෙස සැලකෙන අටල් බිහාරි වාජ්පායි මහතා ඉන්දියාව ලෝකයේ න්‍යෂ්ටික බලවතෙකු බවට පත් කිරීමේ අභිලාශයෙන් ක්‍රියාකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1998 දී දෙවැනි වර අගමැති පදවිය දරමින් ඉන්දියාවේ භූ ගත න්‍යෂ්ටික පර්යේෂණ මාලාවක් සිදුකොට ලොවෙහි අවධානය දිනා ගත්තේය. එය ලෝක ප්‍රජාව කුපිත කරවන්නක් වුවද ඉන්දියාව තුළ අටල් බිහාරි ප්‍රතිරූපය ඉහළ නැංවීමට හේතුවක් විය.
කෙසේ වෙතත් මේ වන විට ලෝක නායකයින් අටල් බිහාරි වාජ්පායි මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩ නිකුත් කර ඇතැයි වාර්තා වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment