දක්ෂිණ අධිවේගී මාර්ගයේ JCB සේවකයකු බවුසරයකට යටවී මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදු කරන සුරියවැව අන්දරවැව වල්සපුගල අන්තර් හුවමාරුව අසලදී බවුසරයක් යතුරු පැදියක ගැටීමෙන් අද (22) පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි සුරියවැව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ
කුඩාමස්කෙළිය - මස්කෙළියේ පදිංචි 33 හැවිරිදි චමින්ද කුමාරසිරි නැමති අවිවාහක පුද්ගලයෙකි.

අනතුරින් මිය ගිය පුද්ගලයා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ජේ.සී.බී යන්ත්‍රයක රියදුරෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙකි. දවල් කෑමට ගොස් නැවත වැඩ කරන ස්ථානයට යාමට  යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු පසු පසින් පැමිණ ඇති බවුසරය යතුරුපැදිකරු හප්පාගෙන ගොස් තිබේ.


අනතුර සිදු කළ අදාල බවුසරය පදවා ඇත්තේ රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු බවත් බවුසරය වේගයෙන් පැමිණි බවත් සිද්ධිය ඇසින් දුටු කම්කරුවෝ පැවසූහ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ රාජකාරියේ නියතු සේවකයින් පවසන්නේ මෙහි වැඩ කරන කම්කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු බලධාරියෙකු අවධානය යොමු නොකරන බවයි.

මීට පෙරද මෙවැනි අනතුරු කිහිපයක් සිදු වූ නමුත් ඔවුන්ට කිසිදු සාධාරණයක් සිදු නොවුනු බවත් අධිවේගි මාර්ගයේ ඇති බොහෝ වාහන වල රියදුරන් ලෙස කටයුතු කරන්නේ රියදුරු බලපත්‍ර නොමැති අඩු වයස්වල පසු වන්නන් බව කම්කරුවෝ පවසති.

බවුසරයේ රියදුරු මේ වන විට පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සුරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අනතුර සිදු කළ බවුසරය පොලිස් බාරයට ගෙන ඇති අතර මිය ගිය පුද්ගලයාගේ දේහය සුරියවැව ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

(දිලීප් ජයසේකර)

Courtesy By -Lankadeepa.lk


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment