සුඛෝපභෝගී දුම්රියක් 25 සිට.
විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් නව සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ලබන 25වනදා සිට ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු කර ඇත. ගල්කිස්ස සහ රඹුක්කන අතර මෙය ධාවනය වන අතර උදෑසන 08.30ට ගල්කිස්සෙන් පිටත් වන දුම්රිය රඹුක්කනට ළඟා වන විට උදෑසන 10.11 පමණ වේ. එය යළි රඹුක්කන දුම්රිය ස්ථානයෙන් සවස 04.30ට ගල්කිස්ස බලා පිටත්වේ.
ප‍්‍රවේශ පත‍්‍රයක ගාස්තුව රුපියල් 3,000ක් වන අතර දේශීය මගීන්ටද මෙම විශේෂ දුම්රියේ ආසන වෙන් කර ගත හැකි බව ශ්‍රී ලංකා දුම්රිය සේවය කියා සිටී.
0 comments :
Post a Comment