නවසීලන්ත අගමැතිනිය එජා සමුළුව අමතන්න මාස 3 බබාත් එක්ක ඇවිත්


මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන්
නවසීලන්තය නියොජනය කරමින් පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය. ඇය සමග  ඇගේ බිළිඳියද රාජ්‍ය නායක සමුලුව අමතන අවස්ථාවට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇය සමුළුව අමතද්දී ඇගේ සැමියා දරුවා ළඟ සිටියේය.
පසුගිය කාලයේ ලෝකයේ

අවධානයට ලක්වෙමින් ඇය ධූර කාලය තුළදී දරු ප්‍රසූතියක් සිදු කළ දෙවන රාජ්‍ය නායිකාව බවට පත්වූ අතර (පළමුවැනියා බෙනාසීර් බූතෝය) මේ වනවිට ජසින්ඩාගේ අලුත උපන් බිළිඳියට වයස මාස 3 කි. ඇය තවමත් දරුවාට මව්කිරි ලබාදෙන බව සඳහන් කර තිබෙන අතර ඇය මෙම සමුළුවට බිළිඳිය කැටුව ඒම හොඳ තීරණයක් ලෙස රාජ්‍ය නායකයින්ගේ පැසසුමට ලක්වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment