වෙල්ගම අනතුරු අගවයි : මහින්දගේ කතාවට වෙල්ගමගෙන් දැඩි විරෝධයක් [Audio]




එළඹෙන ජනාධිපතිවරණයේදී තම සහෝදරයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් එකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විරෝධය පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ පවුල්වාදය රටකට නොගැළපෙන බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ පවුල්වාදය නිසා බවත්ය.

පවුලේ සාමාජිකයන්ට මුල් තැන දී තිබූ නිසා එවක රජයේ ඇමැතිවරු සියලු දෙනා තරහ වූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වූයේ, ගිය රජයෙන් හිමිතැන නොදුන් නිසා බවත් මේ තත්ත්වය යටතේ ඉදිරියේදී තවත් සිරිසේන කෙනෙක් බිහි වේවි දැයි නොදන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

'නෙත් එෆ් එම්' සමඟ අදහස් පළ කරමින් වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment