ජනාධිපති අපේක්‍ෂකත්වය : ගෝඨා පසුපසට, චමල් පෙරට.



ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම තමන්ද කොනක සිටින බව හිටපු කථානායක, ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහෝදරයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ඉන්දියාවේ දී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් චමල් රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

අද ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් පවුලේ සහෝදරයෙක් ඒ සඳහා ඉදිරිපත් කිරීම යයිද කී ඔහු එම ඉල්ලීම ඉටු කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ වගකීමක් යැයි ද කීවේය.

කෙසේ වෙතත් ජනතාවගේ ඉල්ලීම් ද සලකා බලමින් වඩාත්ම ගැලපෙන සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරියේදී නම් කරනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

බැසිල් - ගෝඨා රිජෙක්ට්


තමාට බැරි නම් තමාගේ සොයුරෙකු එළැඹෙන ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන බව මහින්ද රාජපක්ෂ ඉන්දියාවේදී ප්‍රකාශ කරන ලද නමුත් ඇමරිකානු පුරවැසියන් වන ගෝඨාභයට හෝ බැසිල්ට හෝ ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 1999 දී දුන් තීන්දුවකින් පැහැදිලි වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment