ජාතික නාලිකාවෙන් අසත්‍ය පුවතක් : ප්‍රවෘත්ති ලොක්කෝ දොයි ද?




ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 'ජාතික නාලිකාවේ' අද (23) දිවා පුවත් විකාශයේ දී අසත්‍ය පුවතක් විකාශය කර ඇති බවට වාර්ථා වේ.

ඒ, අද මාලදිවයිනේ මහා මැතිවරණයක් පැවැත්වෙන බව ය. එය අදාල පුවතේ පමණක් නොව සිරස්තල තුළ ද ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වන්නේ අදාල පුවත් විකාශය භාරව සිටින නිලධාරීන්ගේ අනවබෝධය ද එසේත් නැත්නම් කුමන්ත්‍රණකාරි ක්‍රියා පිළිවෙලෙහි තවත් එක් නිර්ලැජ්ජිත ක්‍රියාවක් ද යන්න ගැටළුවකි.

මෙරට විදේශ ප්‍රතිපත්තියට අතිශය වැදගත් රටක් සේ ම අසල්වැසි රාජ්‍යය ද වන මාලදිවයිනේ අද පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳව මෙම අසත්‍ය පුවත් වාර්තා කලේ දහවල ප්‍රවෘත්ති විකාශය ආරම්භ වී 18 වන විනාඩියේ දී ය.


කෙසේ නමුත් මේ වන විට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා වන්නේ T.M.G. චන්ද්‍රසේකර නැමති අයෙකි. 

මීට වසරකට පෙර ජාතික රූපවාහිනී සේවයේ අධ්‍යක්ෂ පර්යේෂණ තනතුරට අමතරව තොරතුරු නිලධාරී වශයෙන්ද රාජකාරී කල අදාල තැනැත්තා ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ විෂය බාර අමාත්‍ය මංගල සමරවීරට එරෙහිව මඩ පුවත් සහ අසත්‍ය තොරතුරු සපයන බවට 'ජාතික රූපවාහිනී සංස්ථාවේ සැබෑ යහපාලන සේවක පිරිස' නම් සංවිධානයක් ද මීට පෙර චෝදනා කර තිබූ අතර එම පුවත පහතින් කියවීමට හැක.


ජාතික රූපවාහිනීයේ වැඩසටහනක් වංචනිකව උස්සලා?

මේ සම්බන්ධයෙන් සමාජ ජාල තුල ද කතා බහට ලක් වී තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment