නාඳුනන දෙන්නෙක් වෙඩි තියලා තංගල්ලේ කාර් වොෂ් හිමිකරු මරුට



තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය – වාඩිගල ඇඟළුම් කර්මාන්තශාලාව ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි වැලිආර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මුහුණ සම්පූර්ණයෙන් ආවරණ වූ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි නාඳුනන

පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා එම ප්‍රදේශයේ වාහන සේදුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නෙකු බවට තොරතුරු අනාවරණය වී අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
වෙඩි තැබීම සඳහා රිපීටර් වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කෙරෙනවා.
තගල්ල පොලිසිය මෙහෙයවීමෙන් ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment