වෙඩින් එකට ආ විදේශිකයින් ත්‍රීකුණාමලයේ මුහුදේ ගහගෙන යද්දී බේරගෙන

https://www.gossiplankanews.com/2018/09/indian-trinco-life-saving.html#more
ත්‍රිකුණාමලය නිලාවේලි  මුහුදේ දිය නාමින් සිටි විදේශිකයන් හය දෙනෙකු අද (23) දහවල් රළ පහරට  අසු වි ගසාගෙන යද්දි  එහි රාජකාරියේ නියුතු  ජිවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරිහු  තිදෙනෙකු විසින් බේරාගනු ලැබුහ‍ බේරාගත් පිරිස අතර
ඉන්දිය ජාතික කාන්තාවන් පස්දෙනෙකු  හා ඇමෙරිකානු ජාතික පිරිමි අයෙකු වේ.
කාන්තාවන් පස් දෙනා අතර  වයස අවුරුදු පහක  කුඩා දැරියක් ද වන බවද   ජිවිතාරක්ෂක පොලිස් නිලධාරිහු පැවසුහ.
මෙම පිරිස ගසාගෙන යද්දි ආධාර ඉල්ලා කෑගසන හඩට

ජිවිතාරක්ෂක නිලධාරින් මුහුදට බැස පීනාගොස්  අනතුරට ලක්වු අය බෝට්ටුවකින් ගොඩ බිමට ගෙන එද්දි මුදාගෙන ගොඩබිමට ගැනිමට වෙරලාරක්ෂක නාවික භටයෙකුද එක්විය.
ජිවිතාරක්ෂක ඒකකයේ  ස්ථානාධිපති උපපොලිස්  පරික්ෂක  මනෝජ් ආරියරත්න මහතාගේ අධීක්ෂණය යටතේ  ජිවිතාරක්ෂක ඒකකයේ  කොස්තාපල්වරුන් වන (30505) මාරසිංහ, (66365) සමරසිංහ, (67459) මධුසංක, යන නිලධාරින් මෙම ජිවිත බේරාගනු ලැබුහ.
මෙම අනතුර සිදුවු ස්ථානයට ආසන්න වෙරලේ හෝටලයක සිදු වු විදේශිය යුවළකගේ  විවහා මංගල්‍යයකට මෙම පිරිස පැමිණ ඇති බව  වාර්තාවේ.

(අමදෝරු අමරජීව) pix courtesy by lankadeepa.lk
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment