හබරණ දුම්රිය මාර්ගයට චීන ණයක්.
මෙරට වැඩිම වියදමකින් ඉදි කෙරෙන ව්‍යාපෘතිය ලෙසින් සැලකෙන දඹුල්ල හරහා කුරුණෑගල සහ හබරණ අතර කිලෝමීටර් 88ක දිගින් යුතු දුම්රිය මාර්ගය ඉදි කිරීම සඳහා රජය චීනයේ එක්සිම් බැංකුවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට යන බව sundaytimes.lk වාර්තා කරයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ පොළොන්නරුව පුබුදවමු වැඩසටහන යටතේ ඉදි කෙරෙන මෙම දුම්රිය මාර්ගයෙහි වැඩකටයුතු චීනයේ China State Construction Engineering Corporation Limited (CSEC) සමාගමට ලබා දීමට නියමිතයි.
මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ලැබෙන තුරු, මීට අදාළව ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කර ඇති යෝජනාවක් සාකච්ඡා කිරීම කැබිනට් මණ්ඩලය කල් දමා ඇත.
නමුත්, ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් පෙන්වා දෙන්නේ, මේ වන විටත් කුරුණෑගල සිට මහව මංසන්ධිය තෙක් පවතින දුම්රිය මාර්ගයේ සිට හබරණට ආසන්නයේ පිිහිට පළුගස්වැව දක්වා ඇත්තේ කිලෝමීටර් 10ක දුරක් පමණක් බවයි.
කෙසේ වෙතත්, මධ්‍යම පරිසර අධිකාරිය මෙම ව්‍යාපෘතියට තම අනුමැතිය ලබා දී තිබේ.
මෙම ව්‍යාපෘතිය විශේෂ ව්‍යාපෘතියක් ලෙසින් සලකා වැට්, ජාතිය ගොඩ නැගීමේ බද්ද, රේගු බදු හා අනෙකුත් බදුවලින් නිදහස් කරන ලෙසට ප‍්‍රවාහන ඇමතිවරයා ඉල්ලා ඇත.

0 comments :
Post a Comment