දරුවෙක් වඩාගෙන කළුතර බස් වලට නගින මෝහිණී පොකට් කාරියක්


දරුවකු වඩාගෙන බස්‌ රථවලට ගොඩවී මගීන්ගේ මුදල් පසුම්බි සොරකම් කරන බව කියන කාන්තාවක්‌ මගීන් විසින් අල්ලා දකුණු කළුතර පොලිසියට භාරදී ඇති අතර සැප්තැම්බර් මස 2 දින දක්‌වා ඇය රක්‍ෂිත
බන්ධනාගාර ගත කරන ලෙස සහකාර වැඩ බලන මහෙස්‌ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය.

මෙසේ බන්ධනාගාරයට නියම වූයේ ත්‍රිකුණාමලය ග්‍රාමයේ පදිංචිකාරියකවූ රාජරත්නම් රාධා නම්වූ අයටය.

 කොළඹ සිට කළුතර දක්‌වා ධාවනය වෙමින් තිබූ බස්‌ රථයක

ගමන් ගත් අයෙකුගේ රුපියල් 2000 ක්‌ සහිත මුදල් පසුම්බියක්‌ සොරකම් කිරීමට තැත් කිරීමේදී මගීන් විසින් ඇය අල්ලා පොලිසියට භාරදී තිබේ.

 මේ අතර බස්‌ රථවලට නැග පොත්පත් විකුණන්නෙකු වූ මෝල්කාවේ පදිංචි හේවා රංජිත් ගුණරත්න යන අය කොළඹ - කළුතර බස්‌ රථයක්‌ තුළදී රුපියල් 9600 ක්‌ සහිත මුදල් පසුම්බිය කිසිවෙකු විසින් සොරාගෙන ඇති බව කියමින් මින් පෙර දකුණු කළුතර පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබු අතර ඔහුගේ නැතිවූ මුදල් පසුම්බිය සැකකාරිය ළඟ තිබී සොයා ගැනීමට පොලිසිය සමත්වී ඇත.

 එහෙත් පසුම්බිය තුළ මුදල් කිසිවක්‌ නොතිබූ බව පොලිසිය කියයි.

 දරුවකු සමග බස්‌ රියට ගොඩවූ විට අසුනක්‌ ලැබෙන හෙයින් එහි නිදාගෙන ගමන් කරන අයගේ සාක්‌කුවල ඇති මුදල් පසුම්බි සොරකම් කිරීම ඇය කරගෙන ගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment