ඉමදුව සිසුවිය දුෂණය කළ අසැබි දර්ශන අන්තර්ජාලයේ


16 හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට එම දර්ශන වීඩියෝගතකර ඉන් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරි දාහත් හැවිරිදි තරුණයා ඉමදුව පොලිසිය මගින් අත්අඩංගුවට
ගෙන ඇත.  මෙම පාසල් සිසුවිය හා තරුණයා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති අතර සිසුවියගේ ඥාති නිවසක් තුළදී ඉකුත් වසරේ (2017) දෙසැම්බර් මාසයේ දිනක මෙකී අපයෝජනය වී ඇති බැව් පොලීසිය පවසයි.

එහිදී සැකකාර තරුණයා විසින් මෙම පාසල් දැරිය බරපතළ ලෙස

ලිංගික අපයෝජනයට ලක්කොට එම අසැබි දර්ශන විඩියෝගත කොට තිබේ. පසුව එය තම පරිගණකයට ඇතුළත් කරගෙන ඇත. ඉන් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය හරහා මුහුණු පොතට මුදාහැර ඇති බව ද පොලීසිය පවසයි. මෙකී දැරියගේ ඡායාරූප කිහිපයක් දැරිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරයකු විසින් අත්තජාලයේ තිබෙනු දැක එය පරීක්ෂා කරන ලෙස දැරියගේ මවට දැනුම් දී ඇත. ඒ අනුව දැරියගේ මව විසින් අත්තර්ජාලය පරීක්ෂා කොට මේ පිළිබඳ ඉමදුව පොලීසියට පැමිණිලි කොට තිබේ. එහෙත් සැකකාර තරුණයා පොලීසියට පවසා ඇත්තේ තමන් අන්තර්ජාලයට පාසල් සිසුවියගේ ඡායාරූප මුදාහැරීමක් නොකළ බවයි.

තම පරිගණක අලුත්වැඩියා කිරීමට අලුත්වැඩියා කරන ස්ථානයකට ද බාර දුන් බව පවසා ඇත. පාසල් දැරියගේ අසැබි ඡායාරූප මුහුණු පොතට ඇතුළත් කිරීම සම්බන්ධව තවඳුරටත් ඉමදුව පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. වින්දිත දැරිය හා සැකකාර තරුණයා ගාල්ල කරාපිටිය ශිෂ්ණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබාගෙන ඇති බව ද පොලීසිය පවසයි. සැකකාර තරුණයා ඊයේ (17 දා) අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර වින්දිත දැරිය පරිවාස භාරයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

-කමල් විජේහේවා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment