බංගලියන් හා ලංකාව යළි මුහුණට මුණගස්වමින් ආසියානු ක්‍රිකට් ඇරඹේ


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මුල්ම තරගය පවත්වමින් අද 15 ඩුබායිහිදී 2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භවේ. තරගය  පස්වරු 5 ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගාවලියට
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, හොංකොං,පාකිස්තානය, ඇෆ්ගනිස්තානය,ඉන්දියාව, ඇෆ්ගනිස්තානය තරග වදින අතර අද 15 සිට 28 වනදා දක්වා සියලු තරග ඩුබායි හා අබුඩාබි ක්‍රීඩාංගණවල පැවැත්වේ.
මින් ඉහත අමිහිරි මතකයන්ගෙන් පසු ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය

මුලින්ම අද දිනයේ තරග වැදීම විශේෂිතය. වසරකට පසු ලසිත් මාලිංග අද දිනයේ එක්දින පිටියට පිවිසීමට නියමිතය. ඩිල්රුවන් පෙරේරාටද අද තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇත. බංග්ලාදේශ කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරගාවලියක් සදහා එක් වන්නේ වසර 23 කට පසුවයි.
ශ්‍රී ලංකාව මේ දක්වා ආසියානු කුසාලාන එක්දින තරග 48 කට ක්‍රීඩා කර තරග 31 ක් ගෙන 16 ක් පරාජයට පත්ව ඇත. බංග්ලාදේශය තරග  42 තරග කර ජයගෙන ඇත්තේ තරග 7 ක් පමණක් වන අතර තරග 35 ක් පරාජයට පත්වී තිබෙයි.
 ලංකාව සහ බංග්ලාදේශය ආසියානු එක්දින තරග 12 කින් 11 ක්ම ජයගත්තේ ගංකාවයි.
බංග්ලාදේශය මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේත් ශ්‍රී ලංකාව 8 වන ස්ථානයේත් පසුවෙයි.
පහත පළවන්නේ තරගාවලියේ කාලසටහනයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment