හොංකොං කාන්තා රග්බි පළග ශූරතාවය ලංකාවට


හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ පළග ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම
අද 15 සමත්ව තිබේ.

පලඟ ශූරතා තරගයේදී තායිලන්ත කණ්ඩායම 22 ට 10 ක් ලෙස පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය අත්විය.
පළග ශූරතාව සදහා පැවති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, කොරියාව ලකුණු 21 ට 15 පරාජයට පත් කර අවසන් තරගයට එවිය.
මූලික වටයේදී ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම චීනය සහ කසකස්ථානය අතින් පරාජයට පත්වූ අතර, සිංගප්පූරු කණ්ඩායම හමුවේ ජය ලබා තිබුණි.
මේ අතර, ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම, හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ 4 වන ස්ථානය සදහා පිලිපීන කණ්ඩායම සමග අද තරග වැදීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment