ගෝඨා ආවොත් චම්පික ශුවර් : ජනාධිපති අපේක්ෂකත්වයට එජාපෙන් නම් තුනක්.



ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව එම පෙරමුණ තුළ සාකච්ඡාවක් ඇති වී තිබෙන බව දැනගන්නට ලැබෙන අතර, එහිදී අපේක්ෂකයන් තිදෙනකු පිළිබඳ සාකච්ඡාවට ලක් වී ඇත.

කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස හා පාඨලී චම්පික රණවක එම අපේක්ෂකයන් වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇති අතර ඒ අතරින් කරු ජයසූරිය මහතාගේ නම ඉදිරියෙන්ම සාකච්ඡා වී ඇත. එහිදී යම් හෙයකින් රාජපක්ෂ කඳවුර පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් එක්සත් ජාතික පෙරමුණෙන් පාඨලී චමිපික රණවක මහතා ඉදිරිපත් කළ යුතුයැයිද සාකච්ඡා ඇතිවී ඇත.

ජනාධිපතිවරණයේ දී එජාප අපේක්ෂකයෙකුම ඉදිරිපත් කළ යුතුයැයි එජාපයේ මතය වී තිබෙන පසුබිමක ඒ සඳාහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතුයැයි මතයක් ද එම පක්ෂය තුළ මතුවී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළ නොහැකි අපෙක්ෂකයකු බව පක්ෂ අභ්‍යන්තරයේ මතය නිසා ඔහුට විකල්ප අපේක්ෂකයකු පිළිබඳව මේ කතාබහ ඇති වී ඇත. අකිල විරාජ් කාරියවසම් වැනි අගමැතිවරයාට සමීප පක්ෂයේ ප්‍රබලයන්ද දැන් දැන් ඔහුට විරුද්ධව ස්ථාවරයකට ගමන් කරමින් සිටින බවද දැනගන්නට ඇත.

[අනිද්දා]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment