නිවිතිගල පිලාන විදුහලේ දරු දැරියන්ගේ සහයට කලම්බු මිඩ්සිටි ලියෝ සමාජය පැමිණෙයි.


රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ පිහිටි දුෂ්කර පාසලක් වන පිලාන විද්‍යාලය සඳහා අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කිරීමට කලම්බු මිඩ් සිටි ලියෝ සමාජය ක්‍රියාකරයි. ඒ අනුව එම සමාජයේ සාමාජික තරුණ තරුණයින් පසුගිය සැප්තැම්බර් 10 වනදා අධ්‍යාපනික උපකරණ රැගෙන එම විදුහලට පැමිණියහ. දිස්ත්‍රික් 306 C2 ලියෝ දිස්ත්‍රික්කය යටතේ ක්‍රියාත්මක වන මෙම කලම්බු මිඩ් සිටි ලියෝ සමාජය විසින් පරිගණක කට්ටල පහක්, සියලු සිසු දරු දැරියන් සඳහා අධ්‍යාපනික පොත් කට්ටල සහ කෑම පෙට්ටි සහ පානීය ජල බෝතල් ආදිය ලබාදීමට ක්‍රියාකර තිබුණි. 

මෙම වැඩසහනට සමගාමීව එදින උදෑසන සිට සවස දක්වා ක්‍රියාකාරකම් රැසක් එම විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබූ අතර ඒ යටතේ ඉංග්‍රීසි, නාට්‍ය, වැඩමුළු, නායකත්ව සහ කණ්ඩායම් ක්‍රියාකාරීතව වර්ධනය කිරීමේ වැඩසටහන් ආදිය සහ එම විද්‍යාලයේ සිසු දරු දැරියන් සමඟ සුහඳ ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට මිඩ්සිටි ලියෝ සමාජය ක්‍රියාකර තිබුණි. මෙම අවස්ථාවට කලම්බු මිඩ් සිටි ලියෝ සමාජයේ ආරම්භක සභාපති හා දිස්ත්‍රික් 306 C2 ලියෝ දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යක්ෂක මෙන්ම ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක, සතිර සරච්චන්ද්‍ර මහතා ඇතුළු කලම්බු මිඩ් සිටි ලියෝ සමාජයේ සාමාජික සාමාජිකාවන් පිලාන විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් හා ප්‍රදේශවාසීන් සහභාගී විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment