'මහින්ද කී සහෝදරයා චමල්' - වාසු.



මහින්ද රාජපක්ෂ මහතා අදහස් කරන ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා යැයි වාසුදේව නානායක්කාර මහතා කියා සිටින බව අනිද්දා පුවත්පත වාර්තා කර තිබේ.

හින්දු පුවත්පත සමග සාකච්ඡාවක දී තමන්ගේ සහෝදරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි යයි කීමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් දක්වීම අර්ථකථනය කරගත හැක්කේ ඒ ආකාරයට පමණක් බව නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියි.

දැනට දේශපාලනයේ නියුතු වන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ එකම සහෝදරයා වන්නේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා බව ඔහු පෙන්වා දෙයි.

හින්දු පුවත්පත සමග සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් දෙදෙනා විසින් විමසා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයකු මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න පිළිබඳවය. එහිදී නාමල් රාජපක්ෂ මහතාගේ වයස් සීමාව හේතුවෙන් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවත්, සහෝදරයාට ඉදිරිපත්විය හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබඳව පක්ෂය විසින් තීරණයක් ගතයුතු බව ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා තිබේ.

නාමල් රාජපක්ෂ මහතාට ඇති වයස් සීමාව මෙන්ම බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාට ද සීමා ඇතැයි වාසුදේව නානායක්කාර මහතා කීය. 'මගේ සහෝදරයා' වන තනි පදය යෙදීමෙහි අර්ථය වන්නේ දේශපාලනයෙහි යෙදෙන තම සහෝදරයන් අතරින් සුදුසුකම් ඇති සහෝදරයා යන්න මහින්ද රාජපක්ෂ මහතා අදහස් කර ඇති බව යැයි ඔහු පෙන්වා දුන්නේ ය.

බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාගෙන් එක් අයෙකුවත් තවම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන නොමැති බවත් එසේ පුරවැසිභාවය ඉවත්කර නොගෙන ඔවුන් දෙදෙනා ජනාධිපතිවරණ අපේක්ෂකයන් බවට පත් කිරීම පිළිබඳව සලකා බැලීම වත් කළ නොහැකි බව වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී තිබේ.

[අනිද්දා]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment