පෝර්ට් සිටියේ ගස් පැළවෙයි.



2019 වසරේ මැද භාගය පමණ වන විට පෝර්ට් සිටි මූල්‍ය නගරයේ වැඩ කටයුතු නිම කිරීමට හැකි වනු ඇතැයි CHEC පෝර්ට් සිටි කලම්බු (පුද්) සමාගමේ ප්‍රධාන විකුණුම් හා අලෙවි නිලධාරී Liang Thow Ming, පවසයි.

13දා කොළඹ දී ආරම්භ වූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018 සමග එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ව්‍යාපෘතියේ ගොඩ කිරීම් 90% ක් හා දියකඩනය 70% ක් දක්වා මේ වන විට වැඩ නිම කර ඇති බවයි.

“මේ වන විට එහි ගස් කිහිපයක් වැඩී තිබෙනවා ඔබට දැකිය හැකියි. මේ වන විට එහි ගස් සිටුවීමේ පර්යේෂණ ක්‍රියාදාමයක අපි නිරත වෙලා ඉන්නවා“, යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

(අද දෙරණ)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment