කූඩු ජාවාරම්කකරුගේ මාමාගේ සරම් ගැටයේ කූඩු පැකට්

සිය පවුලේ උදවිය සම්බන්ධකර ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරත වන බැරියා යන අර්ථ නාමයෙන් හඳුන හෙරොයින් ජාවාරම්කරුගේ මාමා හෙරොයින් පැකට් හතක් සරම් ගැටයේ සඟවාගෙන ප්‍රවාහනය කරමින් සිටියදී උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක පළාත්
වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුරය පොලිස් වසමේ වන්නියකුලම භාතිය මාවත ලිපිනයේ පදිංචිව සිටින 56 හැවිරිදි සැකකරු හෙරොයින් පැකට් කිහිපයක් අලෙවිය සඳහා ප්‍රවාහනයේ නිරත වන බවට පළාත් වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිසිය ඔහු යතුරුපැදියෙන් ගමන් කරමින්

සිටියදී අනුරාධපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහු පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ සරමේ ගැට ගසා තිබූ හෙරොයින් මත්කුඩු පැකට් හතක් පොලිසිය සොයාගෙන තිබිණි. සැකකරුගේ බෑනා, බිරිය හා තවත් පිරිසක් එක්කාසු කර ගනිමින් හෙරොයින් ජාවාරම සිදු කරන බව පොලිසිය අනාවරණය කරගෙන තිබූ අතර බිරිය රාත්‍රි කාලයේ අගනුවරට ගොස් මගී බස් රථ මඟින් හෙරොයින් අනුරාධපුරට රැගෙන එන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. සැකකරු සමඟ හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදියක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් 500ක මුදලට කොළඹින් රැගෙන එන හෙරොයින් පැකැට්ටුවක් අනුරාධපුරයේ මත්ලෝලීන්ට රුපියල් 2000ක මුදලට අලෙවි කර ඇත.

-මහේෂ් විජේසුරිය-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment