නැදුන්ගමුවේ ඇත් රජු අසනීපෙන්


නැදුන්ගමුවේ හස්තිරාජයාට හදිසියේ ඇතිවූ ශගාබාධයක් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ වත්තක පහසුකම්
ලබාදී ප්‍රතිකාර කරන බව

ඇතාගේ හිමිකරු වූ වෛද්‍ය හර්ෂ අබේගුණවර්ධන මහතා පැවසීය.

බණ්ඩාරගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති පෙරහරකට සහභාගි වීම සදහා මීට දින කිහිපයකට ඉහතදී ඇත් රාජයාව රැගෙන විත් තිබිණි.

ඇතා සාමාන්‍ය පරිදි මලපහ නොකරන අතර, ආහාර ගැනීම ද සාමාන්‍ය පරිදි සිදු නොකරන බැවින් කපුගොඩ ප්‍රදේශයේ හස්ති වෛද්‍යවරයකු වූ ගාමිණී කරුණානායක මහතා පැමිණ ප්‍රතිකාර කරන අයුරු දක්නට ලැබිණි. මෙම උදරාබාධය ජලයෙන් ඇති වන්නට ඇති බවට සැක කරයි. නැදුන්ගමුවේ ඇතාව දැක බලාගැනීම සදහා විශාල පිරිසක් එම ස්ථානය වෙත පැමිණෙන අයුරු දක්නට ලැබිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment