එංගලන්ත සංචාරයේ නායකත්වයෙන් මැතිව්ස් ඉවත්කර චන්දිමාල්ට භාරදෙයි


එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ දිනයේදී තීරණයට එළැඹි බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස්ට එම කටයුතුවලින් ඉවත්වන ලෙස තේරීම් කමිටුව දන්වා ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වේ.
කෙසේ නමුත්

මැතිව්ස් මෙලෙස නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ හේතුවක් අදාළ නිවේදනයේ සඳහන් නොවන අතර ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්වීම ඊට ආසන්නතම හේතුව විය හැකි බවයි.
නිමා වූ මාස 18ක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට කිහිප දෙනෙක්ම පත් කළ අතර උපුල් තරංග, ලසිත් මාලිංග, චාමර කපුගෙදර සහ තිසර පෙරේරාද ඊට ඇතුළත් වෙති.
2017 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ එක්දින තරග 40න් තරග 30ක් පරාජයට පත් වී තබේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදු වුණේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය වීම හේතුවෙනි.
මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන දිනේෂ් චන්දිමාල් මීට පෙර ද ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායම මෙහෙයවා තිබේ.
එක්දින ජාත්‍යන්තර තරග 5කින්, පන්දුවාර 20යි 20 තරගයකින් සහ ටෙස්ට් තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලිය ලබන ඔක්තෝබර් 10 වන දා ආරම්භ වීමට නියමිතයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment