මෛත්‍රීගේ කතාවට මහින්දත් එකඟවේ.



මේවනවිට ක්‍රියාත්මක 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඉදිරියේදී ජනාධිපති ධුරයට වඩා අගමැති ධුරය බලවත් වන බව බැවින් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිමින් අගමැති ධුරය වඩාත්ම සුදුසු විකල්පය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දීය සංචාරය අතරතුර දකුණු ඉන්දීය රූපවාහිනි නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති අතර එම සාකච්ඡාව විකාශය කෙරුණේ පෙරේදා (15) දිනයේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන බවත් රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බවත්, ඒ අනුව දේශපාලන ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළග ජනාධිපතිවරණයක් පිළිබඳව නොව රටට හොද අගමැතිවරයෙක් තෝරා පත් කර ගැනීම පිළිබඳව බවත් ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුගියදා පැවසිය.

ඒ, පසුගිය 08දා රත්නපුර නිවිතිගල දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවිතිගල මධ්‍යම බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

 මෛත්‍රී - මහින්ද සන්ධානයක් !

 මේ අතර ශ්‍රීලනිප 15 කණ්ඩායමේ මන්ත්‍රීවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසුයේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක පෙරමුණකින් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශවය අතර සාකච්ජා ආරම්භවී ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙකට බෙදුනහොත් පොහොට්ටුවට හා ශ්‍රීලනිපයට නියත පරාජයක් අත්වන බැවින් ජයග්‍රහණය සඳහා මෛත්‍රී - මහින්ද සන්ධානයක් අනිවාර්යයෙන්ම බිහිවිය යුතු බව ප්‍රකාශ කල එම මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් මේවනවිට දෙපාර්ශයේම බහුතරයක ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ද කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසු ජනාධිපතිවරයාගේ බලය අවම වී අගමැතිවරයාට වැඩි බලයක් හිමිවීම මෙවැනි එකඟතාවයක් ඇතිකර ගැනීමට බෙහෙවින් ඉවහල්වී ඇතැයි පැවසු එම මන්ත්‍රීවරයා, කෙසේවුවද දැනට පැවති සාකච්ජා වල එකඟත්වය අනුව මේ වසර අවසන්වීමට පෙර ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කල යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment