රුපියල අවප්‍රමාණය වන හේතුව මෙන්න!
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මහ බැංකුවට මුදල් යවා පාලනය කළ හැකි නමුත් එය දිගට පවත්වාගෙන යා නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඊයේ (18) පැවැති කැබිනට් රැස්වීමේදී පෙන්වාදී ඇති බව වාර්තා වෙයි.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යෑම ශ්‍රී ලංකාවට පමණක් තිබෙන ප්‍රශ්නයක් නොවන බවත් එය ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට බලපාන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇතිවු සංවාදයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇති අතර එහිදී අමාත්‍ය පාඨලි චම්පික රණවක ද පැහැදිලි කර ඇත්තේ ඇමෙරිකාවේ පොලි අනුපාතය ඉහළ යාමත් සමඟ ඇමෙරිකාවට මුදල් ඇදි යාම වැඩි වී තිබෙන බවය.
0 comments :
Post a Comment