SLIIT එක නිසා කැබිනට් එකේ දෙපිලක් : විජයදාස, චම්පික සහ මංගල, සරත් අමුණුගම.



මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ  (SLIIT) පාලනය මහපොළ භාරකාර අරමුදල යටතට ගැනීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඊයේ (11) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් දෙදෙනකු විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.

මුදල් ඇමැති මංගල සමරවීර සහ විද්‍යා තාක්ෂණ පර්යෙෂණ හා වෘත්තීය පුහුණු ඇමැති ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් මෙසේ විරෝධය පළකර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි ඇතැලු රුපියල් මිලියන 20,000 ක පමණ වත්කමක් මහපොළ භාරකාර අරමුදලට තිබුණද එහි පාලනය මිලියන 408ක් පමණ මුදලකට සමාගමකට නීතිවිරෝධීව පවරා ඇතැයි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මෙම ආයතනය අම්මෙක් අප්පෙක් නැති බූදලයක් බවට පත්ව ඇති බවත් යම් හෙයකින් ආයතනය කඩා වැටුන හොත් වගකීම ගන්නේ කවුරුන්ද යන්න ගැටලුවක් බවද ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා.

ආචාර්යවරුන් කිහිප දෙනෙකු එක්ව පාලනය කරන  මෙම ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින් ගිවිසුම අවලංගු කර එහි පාලනය මහපොළ භාරකාර අරමුදලට පවරන්නැයි ද ඇමැති විජයදාස රජපක්ෂ මහතා සඳහන් කර ඇතැයි දැන ගන්නට තිබේ.

ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ අදහසට විරුද්ධව මංගල සමරවීර හා ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් අදහස් දක්වා ඇත.

මෙම ආයතනය රාජ්‍ය අංශයේ පාලනයට ගැනීමෙන් එහි විශ්වසනීයත්ව නැති විය හැකි බවත් එබැවින් මෙටය එකඟවිය නොහැකි බවත් මංගල සමරවීර හා සරත් අමුණුගම යන ඇමැතිවරුන් ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.

එහිදී අදහස් දක්වා ඇති මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ යෝජනාවට පක්ෂව කරුණු පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව පිළිබඳව නීතිපති උපදෙස් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment